පාකිස්ථාන සුපිරිවේග පන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්රිඩිට එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මස මුලදී පැවැත්වෙන එංගලන්ත හා නවසීලන්ත තරගාවලි මගහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ ඔහුගේ දණහිස් ඇතිවූ ආබාධ තත්වයෙ හේතුවෙනි. ඊයේ (13දා) පැවති ලෝක කුසලාන අවසන්මහා තරගය අතරතුරදී ඔහු දණහිසේ ආබාධයකට ලක්විය. මේ නිසා ඔහුට එළඹෙන එංගලන්ත හා නවසීලන්ත තරගාවලි මඟහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව වේගපන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ෂාහින් ෂා වෙනුවට කණ්ඩායමට කැඳවීමට නියමිතය.