පාකිස්ථානයෙන් බිහිවූ ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන වසීම් අක්රම් එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ වීම සඳහා අද උදෑසන පැමිණිමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
1992 වර්ෂයේ එක්දින ලෝක කුසලානය දිනූ පාකිස්ථානු කණ්ඩායමේද ක්රීඩකයෙකු වූ වසීම් අක්රම් එල්.පී.එල්. තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙසින් ක්රියා කරයි.
ඔහු අද (22දා) පැවැත්වෙන තෙවැනි අවසන්පූර්ව තරගය හා හෙට (23දා) පැවැත්වෙන අවසන්මහා තරගය නැරඹීමට මෙන්ම අවසන්මහා තරගයේ ප්රධාන කථිකයෙකු ලෙසින්ද කටයුතු කිරීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
වසීම් අක්රම්