ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී පසුගිය 03 දාට දස වසරක් සම්පූර්ණ විය. මෙම සිදුවීමේදී ක්‍රිකට් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ට ජීවිත හානි සිදුනොවුණත් කිහිප දෙනෙක්ම තුවාල ලැබීය.
කෙසේ වෙතත් එම ත්‍රස්ත ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ නිලධාරීන් හයක් හා බස් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බේරා ගැනීම සඳහා එදින ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථය පැදවූ රියදුරා කටයුතු කළ අතර ඔහු බොහේ දෙනෙකුගේ ගෞරවයට පත්විය.
නමුත් එම රියදුරාට ප්‍රහාරයෙන් බේරීම සඳහා බස් රථය පසුපසට ධාවනය කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදුකර ඇත්තේ එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කළ ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ය.
ඩිල්ෂාන්ගේ මෙම ක්‍රියාව තරමක අප්‍රකට සිදුවිමකි. එවකට ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ට්‍රෙවර් බේලිස් වන අතර ඔහුගේ සහායක පුහුණුකරු ලෙස කටයුතු කළේ පෝල් ෆ්රාබේස්ය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නැවතත් බේලිස්ගේ හා පෝල්ගේ මතකය අවදි කිරීමට බී.බී.සී. පුවත් සේවය කටයුතු කර තිබුණි. එහිදී පෝල් ෆ්රාබේස් විසින් එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බේරා ගැනීම වෙනුවෙන් ඩිල්ෂාන් කළ මෙහෙය අගය කිරීමට කටයුතු කළේය.
මේ ඒ පිළිබඳව ඔහු දැක්වූ අදහසයි.
“ බස් රථයට වෙඩි ප්‍රහාර එල්ල වෙමින් තිබුණේ. ඒත් හැමදෙනාම සන්සුන්ව හිටියා. වෙඩි වැදී වීදුරු බිදුණා. නමුත් මට ඇසුණ එකම කටහඩ ඩිල්ෂාන්ගේ (තිලකරත්න ඩිල්ෂාන්). පමණයි. ඒක අමුතු හඩක්. මට දැනුත් ඒ හඬ අහන්න පුළුවන්. ඒක මට ජීවිත කාලය පුරාම ඇසේවි.
ඔහු හැමවෙලාම හිටියේ රියදුරුට දකුණු පසයි. මට ඇහුණා ඔහු රියදුරට කෑ ගහලා කියනවා බස් රථය පසුපසට ධාවනය කරන්න කියලා. රියදුරු හිටියේ සුක්ඛානම යටයි. ඔහු තමන්ගේ හිසට ඉහළින් අත්යවා සුක්ඛානම හැසිරවූවා.
ඔහු බස් රථය පසුපසට ධාවනය කිරීමට ආරම්භ කළා. ඩිල්ෂාන් හිස ඉහළට ඔසවා ඔහුට යා යුතු මාර්ගය ගැන කිව්වා. රියදුරුට විශාල ගෞරවයක් යන්න ඕන අපි ඒ ප්‍රහාරයෙන් හා ඒ තත්ත්වයෙන් ඈත් කළාට. නමුත් මම හිතන්නේ ඩිල්ෂාන් මෙදින ඉතාමත් ණුවණක්කාර ලෙස අපේ ජීවිත බේරා ගත්තා. ඔහු හිස ඔසවා රියදුරුට ගමන් කළ යුතු මාර්ගය කියමින්, හැරෙන ආකාරය කිව්වා. ඒක අපිව බේරා ගත්තා. ”
ලාහෝර් ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට දරුණු බලපෑමක්ද එල්ල විය.
වැඩිදුර කියවන්න - www.bbc.com/sport/cricket/47395159