ඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය හැකි බවට විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වීමත් සමග මෙම ඇතිවී තිබෙන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය ජනතාව පීඩාවට පත්කරමින් ඉන්ධන මිල ඉහළ දැමූ බවද ඔහු පවසා සිටියේය.
ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමුවේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යමින් තිබෙන අතරතුර බවත්, ජනතාවට වැඩි මිලට ඉන්ධන අලෙවි කර ආණ්ඩුව ජනතා මුදල් විනාශ කර දමා වැඩකරන බවත් අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.