සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104කට සීමා කිරීමට නවසීලන්තය සමත්විය.
ඊයේ දිනයේදී තරගය නිමා කරන විට ශ්‍රි ලංකා කණ්ඩාය කඩුලු 4ක් දැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටියේය. රොෂේන් සිල්වා හා ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදෙමින් සිටි අතර අද දිනයෙදී ලකුණු 6ක් රැස්කළ විට රොෂේන් සිල්වා දැවී ගියේය.
ඉන් අනතුරුව ඉනිමට තවත් ලකුණු 10ක් එක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 5 ද දැවීගියේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 10ක් තුළදී දැවී ගියේය. නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 4කට කඩුලු 6ක් දවා ගැනීමට සමත්වූයේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු රැස්කළ ඇන්ලෝ මැතිව්ස් ලකුණු 33ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය.
නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 178/10ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 74ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසලීන්තය පන්දුවා 34.1කදී කිසිවෙක් නොදැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.