ශ්රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත ඩරම් රග්බි කණ්ඩායමේ ක්රීඩකයන් දෙදෙනාගේ මරණයට පත්වීමට පෙරාතුව හොරොයින් භාවිත කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ.
තොමස් හොවර්ඩ් (25), තෝමස් බැටී (26) යන ක්රීඩකයන් දෙදෙනා පසුගිය මැයි මාසයේදී ශ්රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්ව සිටියදී රාත්රී සමාජ ශාලාවකට ගොස් නැවත හෝටලයට පැමිණීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
සිදුවීමට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම තොරතුරු හෙළිව තිබේ.
නඩුව නැවතත් අගෝස්තු 03 දා කැඳවීමට නියමිතය.
බී.බී.සී. ඇසුරෙනි