ඔස්ට්‍රේලියාවට සිඩ්නි නුවර පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස නියමිත වේලාවට යොමු නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට20ක දඩයක් නියම කර තිබේ. තරග තීරක ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් මෙම දඩය පනවා තිබේ.
මීට අමරතව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක “ජාත්‍ය න්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සෘණාත්මක ලකුණක් ලබා දී තිබේ. එසේම ඔහුට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
නායක දසුන් ශානක සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම තම වැරදිවලට වරද පිළිගෙන යෝජිත දඩයන් පිළිගැනීම හේතුවෙන් මේ පිළිබඳව විභායක් නොපවත්වන බව ජාත්‍ය න්තර ක්‍රි කට් කවුන්සිලය පවසයි.