විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස එක්වූ ශ්රී ලංකා හිටපු නායක මෙන්ම වත්මන් ක්රිකට් පුහුණුකරුවෙක් වන මහේල ජයවර්ධන ශ්රී ලංකා කණ්ඩායම සමගින් කටයුතු කළ කාලය අවසන් වී තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසන් වන තෙක් මහේල උපදේශකයෙක් ලෙස කණ්ඩායමට එක්වූ අතර ඔහු සතියක කාලයක් ඒ වෙනුවෙන් වෙන්කර තිබුණි.
කෙසේ වෙතත් අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියනස් කණ්ඩායමට අවසන් අදියර තෙක් ගමන් කිරීමට නොහැකිවීම හේතුවෙන් මහේල ශ්රී ලංකා කණ්ඩායම සමගින් වේලාසනින්ම එක්විය.
ඔහු කණ්ඩායමට පැමිණීමෙන් පසුව පිතිකරණ පිළිවෙළෙ වෙනසක්ද කරනු ලැබූ අතර එයින් මේ දක්වා සාර්ථක ප්රථිඵල අත්කර ගැනිමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිව තිබේ.
කෙසේ වෙතත් මහේල ඉදිරියටත් තාක්ෂණය තාක්ෂණය හරහා කණ්ඩායම සමගින් එක්ව කටයුතු කිරීමට නියමිතව තිබේ.