සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමගින් පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනිමට සත්කාර බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලබමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 235ක් රැස් කළ අතර බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40.2කදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
සත්කරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තීරණාත්මක තෙවැනි ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 235ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ඒකිනෙකා පිට දැවී යද්දී තම අන්තය ආරක්ෂා කර ගනිමින් විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 101 ක් රැස් කිරීමට සමත්විය. ඒය ඔහුගේ මංගල එක්දින ශතකය වූ අතර සිය 9 වැනි එක්දින තරගයේදී ඔහු එම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබුණි.
දිගින් දිගටම අසාර්ථකවෙමින් සිටින අවිශ්ක ප්රනාන්දු මෙම තරගයේදීත් ආරම්භක පිතිකරු ලෙස යොදා ගෙන තිබුණ අතර ඔහු ලකුණු 4ට දැවී ගියේය. පැතුම් නිශ්ශංක එක ලකුණකට සීමා විය. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කළේය.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවිමෙන් ටස්කින් අහමඩ් කඩුලු 3ක් දවා ගත් අතර මුෂ්ටෆිෂුර් රෙහෙමාන් කඩුලු 2ක් හා මෙහෙදි හසන් මිරාස් කඩුලු 2ක් දවා ගත්තේය.