ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි තරගයේ මුලින්මන පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස්කිරිමට සමත්විය.
නවක පිතිකරු නුවනිඳු ප්රනාන්දු රැස්කළ ලකුණු 50ට අමතරව වෙනත් කිසිවෙකුට ලකුණු 40 සීමාව ඉක්මවා යාමට නොහැකි විය. කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් මා දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් රැස්කළේය.
තරගයේ ජයග්රහණය සඳහා ඉන්දියාවට ලකුණු 216ක ඉලක්කයක් හිමිවිය. මෙම තරගය ඉන්දියාව ජයගතහොත් ඔවුන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියද ජයග්රහණය කරනු ඇත.