ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පිට පිටම අවස්ථා දෙකකදී පරාජය කරමින් මෙවරද රෝඩ් සේෆ්ටි විස්සයි20 ශූරතාව ජයග්රහණය කිරීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.
ඊයේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 195/6ක් රැස් කළේය. ආරම්භ පිතිකරු නාමන් ඔජා නොදැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 196ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18.5 සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.
මේ අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුනු 33ක ජයක් හිමිවිය. පසුගිය වර පැවැති තරගාවලියේ ශූරතාවද ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කරමින් හිමි කර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ වීරයා ලෙස නාමන් ඔජා සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ ශ්රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ය.