සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණ අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සීටින ශ්රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව 222/10ක් රැස්කිරිමට සමත්විය. ඉනිමේ ඉහළම ලකුණු ලභියා වූ ක්යින්ටන් ඩි කොක් ලකුණු 86ක් වාර්තා කිරීමට සමත්වූයේය. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කසුන් රාජිත හා විශ්ව ප්රනාන්දු කඩුලු 3 බැගින් දවාගත්හ.
තරගයේ දෙවැනි දිනය අද වන අතර ශ්රී ලංකාව දකුණු අප්රිකානු පළමු ඉනිමට වඩා කඩුලු හතක් අතැතිව ලකුණු 162ක් පසු පසින් සිටියි. ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 25ක් රැස්කරගෙන පිටියේ රැඳී සිටියි.