ලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක පහසු ජයක් හිමිවිය.
ඊයේ (27දා) පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ට ලකුනු 213ක් රැස්කිරීමට සමත්විය.
මහේල උඩවත්ත ලකුණු 43 (පන්දු 27), සනත් ජයසූරිය ලකුණු 37 (පන්දු 25), තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51 (පන්දු 30), චාමර සිල්වා ලකුණු 34 (පන්දු 24), ඉසුරු උදාන ලකුණු 17 (පන්දු 4) ලෙස විශිෂ්ඨ පිතිකරණයක නිරත වූහ.
ලකුණු 214ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 143/8ක් පමණි.
බංග්ලාදේශ වෙනුවෙන් තුෂාර් ඉම්රාන් පන්දු 54කදී ලකුණු 52ක් රැස් කළේය. ශ්රී ලංකාවට වෙනුවෙන් පන්දු යැවීමෙන් තිලකරත්න ඩිල්ෂාන් කඩුලු තුනක් හා අසේල ගුණරත්න කඩුලු දෙකක් දවාගත්හ.
තරගයේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් සම්මාන ලැබීය.