ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය මෝටර් රථ එකතුව සඳහා තවත් මිල අධික සාමාජිකයෙකු එක් කරගෙන ඇත. ප්‍රංශ බුගාටි සමාගමේ නිෂ්පාදනයක් වන බුගාටි La voiture Noire රථය මෙලෙස රොනාල්ඩෝගේ රථය බවට පත්වී ඇති අතර, එය සැලකෙන්නේ ලොව මිල අධිකම මෝටර් රථ අතුරින් එකක් ලෙසිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එහි වෙළෙඳ පොළ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 8.5ක් (රු. කෝටි 200) ලෙසින් දැක්වේ. ඉතාලි සුපිරි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ජුවෙන්ටස් කණ්ඩායමේ නිත්‍ය ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කරන රොනාල්ඩෝ පසුගියදා ඉතාලි සෙරී ‘ඒ පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමෙන් පසු මෙම නව මෝටර් රථය මිලදී ගෙන තිබේ.
ලොව වටිනාම මෝටර් රථ නිෂ්පාදන සන්නාමයක් වන බුගාටි සමාගමේ විශේෂ නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වා ඇති මෙම මොඩලයේ මෝටර් රථ ලෝකය පුරාම ඇත්තේ 10ක් පමණක් වීම විශේෂත්වයකි. 35 හැවිරිදි රොනාල්ඩෝ සතුව ලොව මිල අධිකම අනෙකුත් මෝටර් රථ සන්නාමයන් වන ෆෙරාරි රථ 08ක්, රෝල්ස් රෝයිස්, බී.එම්.ඩබ්ලිව් හා මැක්ලරන්ස් රථ විශාල එකතුවක්ද ඇත.
කෙසේ වෙතත් කෝවිඩ්-19 වසංගතයත් සමග මේ වසර තුළදී රොනාල්ඩෝගේ වාර්ෂික ආදායමේ යම් අඩුවීමක් දක්නට ඇති අතර, පසුගියදා ෆෝබ්ස් සඟරාව මගින් එළිදැක්වූ ආකාරයට එය බ්රි.පවුම් මිලියන 80.3ක් (රු.කෝටි 1960) ලෙසින් සටහන් විය.
පාපන්දු තරගවල විශිෂ්ටතම ප්‍රහාරකයෙකු ලෙසින් ප්රකටව ඇති රොනාල්ඩෝ මෙම වසරේ ඉතාලි ලීග් ශූරතාව අඛණ්ඩව 09 වැනි වරටත් ජුවෙන්ටස් කණ්ඩායමට දිනාදීමට දැඩි දායකත්වයක් දැක්වූවෙකු ලෙසින් කැපී පෙනිණි. ඔහු එහිදී ගෝල 31ක් වාර්තා කර ගෙන ඇත්තේ වැඩිම ගෝලලාභීන් අතර දෙවැනි ස්ථානය දිනා ගනිමිනි.