සුපිර පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවුම් මිලියන 99.2ක මුදලකට ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායම මිලදී ගැනීමට විරෝධය දක්වමින් ෆියැට් ක්‍රයිස්ලර් (Fiat Chrysler) කර්මාන්ත ශාලාවේ සේවකයන් වර්ජනයක් සිදුකිරීමට නියමිතය තිබේ.
ජුවෙන්ටස් කණ්ඩායම හා ෆියැට් ක්‍රයිස්ලර් සමාගම ඉතාලියේ ඇග්නෙලී පවුල පාලනය කරනු ලබන්නේ ඔවුන්ගේ සමාගමක් මගිනි.
ෆියැට් ක්‍රයිස්ලර් සමාගමේ වෘත්තීය සමිතිය පවසන්නේ ඒක් පුද්ගලයෙක් පිළිබඳව අවධානය යොමුකරනවාට වඩා සේවකයන් දහස් ගණනකගේ අනාගතය ගැන අවධානය යොමුකළ යුතු බවයි.
ෆියට් සේවකයන් ආර්ථික වශයෙන් විශාල කැපකිරීමක් කරන අවස්ථාවක ක්‍රීඩකයෙක් මිලදී ගැනිම වෙනුවෙන් එම සමාගම මිලියන ගණනක් වූ මුදල් යෙදවීම පිළිගත නොහැකි බවයි.
අවුරුදු 4ක ගිවිසුමක් යටතේ රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් කණ්ඩායම අත්හැර ජුවෙන්ටස් කණ්ඩායමට එක්වෙන්නේ පවුම් මිලියන 99.2ක ගිවිසුමක් යටතේය.