පාපන්දු ලෝක කුසලානය තරගාවලියේ 16 දෙනාගේ වටයේ උරුගුවේ කණ්ඩායම හා පෘතුගාල කණ්ඩායම අතර තරගයෙන් ගෝල 2-1ක ජයක් වාර්තා කිරිමට උරුගුවේ කණ්ඩායම සමත්වීමත් සමගින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නියෝජනය කරන පෘතුගාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
තරගයේ පළමු අර්ධයේ පටන්ම එඩ්සන් කැවන් (7) වාර්තා කළ ගෝලයත් සමගින් පෙරමුණේ පසුවීමට උරුගුවේ කණ්ඩායම සමත්විය. දෙවැනි අර්ධයේදී පෘතුගාලය වෙනුවෙන් පේපේ (55) ගෝලයක් වාර්තා කරමින් තරගය විවෘත කළේය.
කෙසේ වෙතත් නැවතත් ක්‍රියාත්මක වූ කැවනි 62 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත් අතර ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. ඒ අනුව අර්ධ අවසන් පූර්ව තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත්විය.
තරගයේ වීරයා කැවනි