අන්තර් ජාතික තරගවලදී ගෝල සියයක් සම්පූර්ණ කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්විය. ඒ ස්වීඩනයට එරෙහිව ගෝල ද්විත්වයක් රැස් කරමිනි.
යුරෝපානු පාපන්දු කුසලානයේ %ඒ3^ කාණ්ඩයේ පැවැති තරගයකදී ඔහු මෙම දස්කම දැක්වීය. ලොව වැඩිම අන්තර්ජාතික ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ පසුවන රොනාල්ඩෝ මෙම කඩඉම පසු කිරීමට තරග 165කට සහභාගි වී ඇත.
ඔහුට ඉදිරියෙන් මෙම සීමාවේ පසුවන්නේ ඉරාන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අලි දායිය. ඔහු තරග 165කදී ගෝල 109ක් වාර්තා කර ඇත. රොනාල්ඩෝට ගෝල 109යේ සීමාව ඉක්මවා යාමට තවත් අවශ්‍යව ඇත්තේ ගෝල 09ක් පමණි. මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයේ පටන් සෑම වයස් කාණ්ඩයක්ම නියෝජනය කර තිබීම විශේෂත්වයකි.