යොවුන් ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස්ගේ ගෝල ත්‍රිත්වය සමගින් ස්විට්සර්ලන්තය පරදා ගෝල 6-1 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත්විය.
ඒ් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය අවසන් කරමින් පැවති තරගයේදීය. මෙම තරගයේදී පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස් මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කලේය.
මෙම තරගයේදී පෘතුගාල සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ක්රිස්ටියනෝ රොනාල්ඩෝ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් තබාගැනීමට පෘතුගාල පුහුණුකරු ක්‍රියා කළ අතර ඒ් වෙනුවට ඉදිරිපෙළ අවස්ථාව යොවුන් ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස්ට අවස්ථාව ලබා දි තිබිණ.
එය සියයට සියයක්ම නිවැරදි බව පසක් කළ රාමෝස් පෘතුගාලයේ පළමු ගෝල ලාභියා වූයේ 17 වැනි මිනිත්තුවේදීය. අනතුරුව 33 වැනි මිනිත්තුවේදී ලැබුණු කොන් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට පෘතුගාල නායක පෙපේ සමත්විය.
39 හැවිරිදි පෙපේ මේ සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ගෝලයක් වාර්තා කළ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා බවට පත්විය. මෙහි වයස්ගතම ක්‍රීඩකයා වාර්තාව අයත්වන්නේ කැමරූන් නියෝජනය කළ හිටපු පාපන්දු ක්‍රීඩක රොජර් මිලාටයි. 1994 වර්ෂයේ ලෝක කුසලානයේදී ගෝලයක් වාර්තා කරන විට මිලාගේ වයස අවුරුදු 42 ක් විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වන වට පෘතුගාලය ගෝල 2-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවිය.
අනතුරුව ක්‍රියාත්මක වූ ගොන්සාලෝ රාමොස් 51 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි ගෝලයද වාර්තා කරමින් පෘතුගාල ගෝල සංඛ්‍යාව 3 බවට පත් කලේය. පෘතුගාල පසුපෙළ ක්‍රීඩක රෆායෙල් ගුරේරෝ සිව්වැනි ගෝලයද පෘතුගාලයට වාර්තා කර දුන්නේ 55 වැනි මිනිත්තුවේදීය.
අනතුරුව 58 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්ත පසුපෙළ ක්‍රීඩක මැනුවෙල් අන්කාජි සිය කණ්ඩායමට සැනසිලිදායක ගෝලයක් වාර්තා කලේය. නමුත් පෘතුගාල ගෝල මැෂිම යලිත් ක්‍රියාත්මක කළ ගොන්සාලෝ රාමෝස් කණ්ඩායමේ පස්වැනි ගෝලයද වාර්තා කරමින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කලේය.
බිඳ වැටුණු ස්විට්සර්ලන්ත පසුපෙළ ක්‍රීඩකයින් අතරට ගිය පෘතුගාල අතිරේක ඉදිරිපෙළ ක්‍රීඩක රෆායෙල් ලියෝ හයවැනි ගෝලයද වාර්තා කරමින් පෘතුගාල ජය තවත් ශක්තිමත් කලේය. මෙහිදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් රැඳීසිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිටියට පැමිණියේ තරගයේ 73 වැනි මිනිත්තුවේදීය.
මෙය මෙවර තරගාවලියේදී වාර්තා වූ දෙවැනි දැවැන්තම ජයග්‍රහණය වූ අතර කොස්ටාරිකා කණ්ඩායම පරදා ස්පාඤ්ඤය ලැබූ ගෝල 7-0 ක ජයග්‍රහණය මෙම සටහනේ ඉහළින්ම පසුවේ.