රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහබාගිවීමට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය තීරණය ගෙන ඇත. ඒ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව සැමට ලබාදීමේ මානුෂීය හේතූන් සලකා බලමිනි.
එළඹෙන 2024 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගෙන පැවැත්වෙන ඔලිම්පික් උලෙලට ගත් මෙම තීරණය රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේ තරග සඳහා සහභාගිවීමට නව දොරටු විවර කිරීමක් විය.
පසුගිය වසරේ මාර්තු මාසයේදී රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමගින් ලොව බොහෝ රටවල් රුසියාව විවේචනයට ලක් කරමින් ඔවුන්ට සිය රටවල දොරගුළු දැමීය.
එම නිසා රුසියාව නියෝජනය කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේ තරගාවලිද අහෝසි වූ අතර පසුගිය පාපන්දු ලෝක කුසලානයද ඒ අතර විය.
කෙසේ වෙතත් රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ධජය යටතේ ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව හිමි නොවන අතර නිදහස් හා ඔලිම්පික් ධජය යටතේ පමණක් ඔවුන් ක්‍රීඩා කරනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයි.ඕ.සී. පවසන්නේ විදේශ ගමන් බලපත්‍රය මත ක්‍රීඩකයින්ට තරගාවලිය තහනම් කිරීම නොකළ යුතු බවයි.
නමුත් අයි.ඕ.සී. මෙම තීරණයට පාර්ශව රැසකින් විරෝධය එල්ල වන අතර යුක්රේන හා ලෝකයේ විවිධ අනෙක් රටවල ක්‍රීඩකයින්ගෙනුත් මෙයට විරෝධය එල්ල වී ඇත.
යුක්රේන ජනපති ව්ලොදමීර් සෙලෙන්ස්කිද පසුගියදා පැවසුවේ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වසරේ ඔලිම්පික් උලෙල තහනම් කළ යුතු බවයි.