එළඹෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගවාරයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් වෝනර් ට හිමිවී ඇත. ඒ මේ වන විට ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්වී සිටින රිෂාබ් පාන්ට් වෙනුවටයි.
අයි.පී.එල්. තරගාවලිය එළඹෙන මාර්තු 31 වැනිදා සිට මැයි 28 වැනිදා දක්වා පැවැත්වේ.
කෙසේ වෙතත් දිල්ලි නිත්‍ය නායකයා වන රිෂාබ් පාන්ට් පසුගිය වසරේ දෙසැම්බර් මසදී සිදුවූ දරුණු රිය අනතුරකින් තුවාල ලබා මේ වන විට ඉන් සුවය ලබමින් සිටින නිසා මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත.
එම අනතුරින් ඔහුගේ හිස, පසුපස හා පාදයන්ට බරපතල තුවාල සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට කාළයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
මේ අතර අයි.පී.එල්. ආරම්භ කරමින් දිල්ලි කණ්ඩායම, ලක්නව් සුපර් ජයන්ට් සමගින් එළඹෙන මාර්තු 31 වැනිදා තරග වැදීමට නියමිතය.