නවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන සර් රිචඩ් හැඩ්ලිට යළිත් වතාවක් පිළිකවක් වැලඳී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. මෙවර ඔහුගේ අක්මාවේ මෙම පිළිකාව වැලඳී ඇති අතර, එය ප්‍රාථමික අවස්ථාවේ පසුවන බවද සඳහන් වේ. මීට පෙර ඔහුගේ බඩවැලේද පිළිකාවක් වැලඳී තිබුණු අතර, ඒ වෙනුවෙන් ශල්‍ය කර්මයක්ද සිදුකරනු ලැබීය.
හැඩ්ලි පවුල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තමන් මෙම නිවේදනය නිකුත් කරන්නේ විනිවිද භාවයෙන් යුතුව බවත්, කටකතා පැතිරවීම වැළැක්වීමට බවත්ය.