කසුන් රාජිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දඹුල්ල ඔ්රා පරදා කඩුළු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසන මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කලේය. ඒය ඉතා හොඳ තීරණයක් බව හොඳින්ම පෙන්වූ කොළඹ ක්‍රීඩකයින්, දඹුල්ල ඉනිම පන්දුවාර 13.5 කදී ලකුනු 89 කට සීමා කලේය.
එය මෙවර තරගාවලියේදී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව මෙන්ම තරගාවලි ඉතිහාසයේදී කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වේ. ඒහි ඉදිරියෙන් පසුවන්නේද දඹුල්ලම වන අතර ඔවුන් පසුගිය 2021 වර්ෂයේදී (ඒවකට දඹුල්ල ජයන්ට්ස්) ජැෆ්නා කිංග්ස් හමුවේ ලකුණු 69 කට දැවී ගොස් තිබිණ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුනු 22ට කඩුළු 5 ක් දවා ගත්තේය. එය මෙවර තරගාවලියේදී වාර්තාවූ පළමු කඩුළු 5ක් දවාගත් අවස්ථාව මෙන්ම තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ තෙවැනි හොඳම පන්දු යැවීමද වේ.
තරගයේ ලකුණු 90 ක පහසු ඉලක්කයක් හඹා ගිය කලම්බු කණ්ඩායම පන්දුවාර 11.3 කදී ඒක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත්වූහ. චරිත් අසලංක එහිදී පන්දු 36 කදී ලකුණු 58 ක් වාර්තා කලේ හතරේ පහර 5 ක් හා හයේ පහර 4 ක් සමගිනි. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිතටයි.
මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ ගාල්ල අබිබවා තෙවැනි ස්ථානයට පත්වීමට කොළඹ සමත්විය. ඒ් තරග 6 කින් 3 ක් ජය ගනිමිනි.