ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්රීඩක රෂීඩ් ඛාන් සිට විස්සයි විස්ස දිවියේ කඩුළු 500 සීමාවට පැමිණීමට සමත්විය.
ඒ දකුණු අප්රිකානු විස්සයි විස්ස ක්රිකට් ලීගයේ මුම්බායි ඉන්දියන් (එම්.අයි.) කේප් ටවුන් හා ප්රිටෝරියා කැපිටල්ස් අතර පැවති තරගයේදීය. එහිදී කේප්ටවුන් කණ්ඩායමට ක්රීඩා කරන රෂීඩ් විසින් ප්රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ ක්ලයිඩ් ෆෝටර්න් දවා ගනිමින් මෙම සුවිශේෂී කඩඉමට පැමිණීමට සමත්විය.
ක්රිකට් පිටියේදී මෙම සීමාවට පැමිණී දෙවැනි පන්දු යවන්නා රෂීඩ් වූ අතර මීට පෙර බ.ඉ.කොදෙව් තුන් ඉරියව් ක්රීඩක ඩ්වෙයින් බ්රාවෝ මෙම කඩඉමට පසුකිරීමට සමත්විය.
රෂීඩ් මෙම කඩඉමට පැමිණීමට තරග 368 කට ක්රීඩා කර ඇත.
රෂීඩ් මෙහිදී ලකුණු 16 කට කඩුළු 3 ක් දවා ගනිමින් විශිෂ්ඨ ක්රීඩා රටාවක නිරත වුවද මෙම තරගයෙන් ලකුණු 52 ක පරාජයක් අත්විඳීට මුම්බායි කේප් ටවුන් කණ්ඩායමට සිදුවිය.