ආසියානු කුසලානය ජයග්රහණය කිරීමට හැකියාව ලැබුණේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්රීඩිකාවන් එකමුතුව වැඩ කිරීම නිසා බව ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරි අතපත්තු පැවසීය.
ආසියානු කුසලානය ජයග්රහණය කිරීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් චමරි අතපත්ත මෙලෙස අදහස් පළ කර සිටියායා.
‘මගේ ජීවිතයේ තිබුණු හීනයක් තමයි මම ක්රීඩාවෙන් සමුගන්න කලින් කැප්ටන් කෙනෙක් හැටියට ලංකාවට ආසියානු කුසලානයක්, ලෝක කුසලානයක් ගෙනත් දෙන එක. ඉතින් මගේ ටාගට්ස් දෙකෙන් එකක් මේ වෙද්දි කරලා දෙන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. මේක ස්ටාර්ට් එක විතරයි ළමයි. මේකත් එක්ක ජීවත් වුණොත් අපිට ඊලඟ ලොකුම හීනයට යන්න බෑ’