උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වූ සාකච්ඡාවක් ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබදව අමාත්යවරයාතුමා ඔවුන්ගෙන් සෘජුවම ප්‍රශ්ණ කළ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබදව අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඔවුන්ගේ ගැටලු සදහා විසදුම් ලබා දීමට අමාත්‍යවරයා ක්‍රියාකළ අතර, නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි.
ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ දී නේවාසික ක්‍රීඩකයින්ට පසුගිය කාල සීමාවේ දී රට තුල ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය නිසා ආහාර ලබා දීම නවතා තිබූ බවත්, මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා අමාත්‍යවරයාගේ මැදිහත්වීමේන් නැවත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආහාර ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බව අනාවරණය විය.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අනුමැතිය සහිතව ඔවුන් නිර්දේශ කරන ආහාර වට්ටෝරුව ලබා දීමට කටයුතු කරන ලෙසත්, මේ තාක් යම් අඩුපාඩුවක් වී ඇත්නම් හෙට සිට එය නිවැරදි කර නිසි ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් දුන්නේය.
ක්‍රීඩා සංගම් හා සම්මේලනවල කාරයභාරයන් නිසි ලෙස ඉටු නොවන අවස්ථාවල දී ක්‍රීඩකයින් ඉතා අසරණ තත්ත්වයට පත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නිසි ලෙස ක්‍රීඩා සංගම් හා සම්මේලන ක්‍රියා නොකරයිනම්, සාකච්ඡා සඳහා නොපැමිණෙන්නේනම් ලිඛිතව තුන් වතාවක් දැනුම් දී ඔවුන් තහනම් කිරීමට කටයුතු කරන ලෙස නිළධාරීන්ට දැනුම් දුන්නා.
‘‘මේ වෙලාවේ අපි ආසියානු රග්බි සම්මේලනයේ තහනම ඉවත් කර ගන්න කටයුතු සිදු කරගෙන යනවා. මම එන්න කලින් ශ්‍රී ලංකා රග්බි සංගමය තහනමට ලක් වෙලා තිබුණේ. අධිකරණයෙන් තීන්දුවක් දීලා තිබ්බේ තහනම් කරපු ක්‍රීඩා සංගම් දෙකක් නිළවරණය සඳහා සහභාගී කර නොගන්නා ලෙසයි. නමුත් එම සංගම් දෙක සහභාගී කරවාගෙන තමයි නිළවරණය තියලා තිබෙන්නේ.
එය අධිකරණයට අපහාසයක්. වත්මන් රග්බි සභාපතිවරයා ආසියානු සම්මේලනයෙන් තහනම් කර තිබෙනවා. ඒ තහනමත් ඒක්ක අපි සංගමයට දැනුම්වත් කලා සභාපතිවරයා ඉවත් කරන ලෙස. නමුත් එය අදවනතුරු ක්‍රියාත්මක වෙලා නැහැ.
රග්බි තහනම ඉවත් කර ගන්න පැහැදිලි ලෙස අපි මැදිහත් වෙලා කටයුතු කරනවා. සුබ පිළිතුරක් වැඩිකල් නොගොස් අපිට ගන්න පුලුවන්. එතනදී අපි අධිකරණයේ පිහිට පතනවා. අපි මේ රටේ ක්‍රීඩාව හා රග්බි ක්‍රීඩකයා රැකගත යුතුයි. අපිට එක පුද්ගලයෙක් දෙදෙනෙක් ගැන බලන්න බැහැ. අද වෙලා තිබෙන්නේ රග්බි සම්මේලනයේ සභාපතිවරයා නිසා සමස්ථ රටම තහනමට ලක් වෙලා තිබෙනවා. රග්බි ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන්න බැහැ.
රග්බි සංගමයේ සභාපතිවරයා මා සමග පෞද්ගලික ප්‍රශ්ණයක් නැහැ. ඔහු හොද මනුස්සයෙක්. නමුත් රටේ නීතිය කාටත් පොදුයි. ක්‍රීඩාවේ අනාගතය උදෙසා විශේෂයෙන් රග්බි වෙනුවෙන් කැප වූ විශේෂ පිරිසක් සහ ක්‍රීඩකයින් සදහා සාධාරණයක් කරන්න අපිට තීන්දු ගන්න වෙනවා. මේ තීන්දු ගන්කොට සංගම් අධිකරණයට දුවනවා. මේ පිළිබදව ක්‍රීඩකයින් වශයෙන් ඔබ දැනගත යුතුයි."