ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ගැටලුව ඉදිකිරීමක පවතින්නේ නම් එය ඉදිකිරීම ඉවත් කිරීම හරහා ගාලු පිටිය ආරක්ෂා කර ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා සතිපතා අද පුවත්පතට ලියන කුරහන් සුවඳ තීරු ලිපියේ මෙම සතියේ ඔහු ලියූ තීරු ලිපියේ මෙ බව දැක්වෙයි.
එසේම මෙතෙක් කලක් ගාලු පිටිය ගාලු කොටුවේ ලෝක උරුමයට ගැටලුවක් නොවූ අතර එක්වරම එය ගැටලුවක් බවට පත්වූයේ මන්දැයි යන්න සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
"ගාල්ල ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ලබාදුන් ක්‍රිකට් පිටියකි. එම පිටිය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමකි. ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීමක යම්කිසි ගැටලුවක් පවතින්නේ නම්, එම ඉදිකිරීම ඉවත් කළ එයට පිළියම් යෙදීම කළ යුතු දෙයකි.
ඒ හරහා ගැටලුව පහසුවෙන්ම විසඳා ගැනීමට අවස්ථාව තිබේ. අනෙක් අතින් මෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි."