ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් අපරාජිත කණ්ඩායම් බවට පත්වීමට යුද හමුදා, කෝල්ට්ස්, එන්.සී.සී. හා එස්.එස්.සී කණ්ඩායම් සමත්වී ඇත. ඒ තරගාවලියේ ඊයේ (29දා) නිකුත් කරන ලද නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුවය.
මෙහිදී %ඒ^ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන යුද හමුදාව සහභාගි වූ තරග සියල්ලම (04) ජයගෙන ඇති අතර, ඔවුන් ප්‍රසාද ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කරගෙන ඇත. ඒ අනුව යුද හමුදාව සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගෙන ඇත.
%බී’ කාණ්ඩයෙන් කිසිදු කණ්ඩායමකට අපරාජිත වාර්තාව තබාගත නොහැකිවීම විශේෂත්වකි. එම කාණ්ඩයේ පෙරමුණ සහභාගි වූ තරග 03න් 02ක් ජයගත් ලංකන් ක්‍රීඩා සමාජයට හිමිවී ඇති අතර, ඔවුන් ප්‍රසාද ලකුණු 10ක් හිමිකර ගෙන ඇත. ‘සී’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන කෝල්ට්ස් කණ්ඩායම සහභාගි වූ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් සිය ලකුණු පුවරුවට එක් කරගෙන ඇත. එහි දෙවැනි ස්ථානයේ පසුවන
එන්.සී.සී. කණ්ඩායම සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජය ගෙන එක් තරගයක් ජය පැරදුමින් තොරව නිමා කරගෙන ඇත්තේ සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් බවට පරිවර්තනය කරගනිමිනි.
‘ඩී’කාණ්ඩයේ ක්‍රීඩා කරන එස්.එස්.සී. කණ්ඩායම සහභාගි වූ තරග 04ම ජයගෙන ඇති අතර, ඔවුන් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 19ක් දක්වා වර්ධනය කරගෙන ඇත. තරගාවලියේ මූලික වටයේ තවත් තරග කිහිපයක් හෙට (01දා) පැවැත්වේ.