දක්ෂතම පිරිමි බොක්සිං කණ්ඩායම ලෙස රන් පදක්කම් 5 ක්දිනා ගත් යුද හමුදාවත් දක්තම කාන්තා බොක්සිං කණ්ඩායම ලෙසින් රන් පදක්කම් 5 ක් දිනා ගත් පානදුර යුනිචෙලා කණ්ඩායමත් කිරුළු පළඳිමින් මෙවර ජාතික ශූරතා බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය. 2019 වර්ෂවට අදාළව පැවැති තරගාවලියේ වඩාත් විද්‍යානුකූල ක්‍රීඩකයා සම්මානය පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ආර්.ඒ.එන්. පුෂ්පකුමාරි විසින් හිමිකර ගත්තාය. එහි දක්ෂතම පරාජිතයා හා පරාජිත ක්‍රීඩිකාව සම්මාන ද්විත්වය හිමිවූයේ පිළිවෙලින් ගුවන් හමුදාවේ පී.ජී.ඊ මධුෂාන් හා විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ආර්.කේ. රණසිංහට යි.
මෙහිදී 2019 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ඩබ්.ඒ. ආර් සඳකැළුම් විසින් දිනා ගනිද්දී කේ.ඒ.ඩී, ධර්මතිලක එම වසරේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තාය
දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව
දක්ෂතම පරාජිත ක්‍රීඩකයා
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
තරගාවලියේ දක්ෂතම කාන්තා කණ්ඩායම
දක්ෂතම කණ්ඩායම - පිරිමි
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව
වසරේ දක්ෂතම ක්‍රීඩකයා
වසරේ දක්ෂතම කණ්ඩායම - කාන්තා
වසරේ දක්ෂතම කණ්ඩායම - පිිරිමි.
ඡායාරූප - ඕෂිත වරකපිටිය