ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර්රථ ධාවන ශූරයෙකු වූ කෞෂල්‍ය සමරසිංහ සිය දිවිගමනට සමුදී ඇත. අද (11දා) උදෑසන හොරණදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.
ඔහුගේ යතුරුපැදිය බසයක් හා ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් කෞෂල්‍ය බරපතල තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත. කෞෂල්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාවන තරග රාශියක් නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාගත් දක්ෂ මෝටර් රථ ධාවකයෙකු විය.;