ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් දසුන් ශානක අද අදහස් පල කර සිටියා.
පුහුණුකරු හා තමා අතර සිදු වූ එම සංවාදය ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි දසුන් ශානක ද මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කර සිටියේ.
“මම හිතන්නේ ඒක Dressing room එකේ වෙන්න ඕනෙ දෙයක් තමයි ක්‍රීඩා පිටියේදී වුණේ.” යනුවෙන් දසුන් සදහන් කර සිටියා.
“කෝච්ට දැනගන්න ඕනෙ වුණේ අපි ප්ලෑන් කරපු දේවල්වලින් පිට ගියාද කියල. මම කීව ප්ලෑන් කරපු දෙයින් පිට ගියේ නැහැ කියලා. ඒ සාකච්ඡාව විතරයි පැවැත්වුණේ. උණුසුම් කතාබහක් වුණේ නැහැ. මම පැහැදිලි කරල දුන්නා විතරයි මේ දේ තමයි එතන වුණේ කියන එක”