ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ අනුගාමිකයින් මිලියන 400 ඉසව්වට පැමිණීමට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්විය. ඊයේ (18දා) ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමත් සමගින් මෙසී මෙම කඩඉමට සාර්ථකව ලගාවී ඇත.
මේ සමගින් මෙසී සමාජ මාධ්‍ය ඉසව්වේ ලොව දෙවැනි වැඩම අනුගාමිකයින් සහිත පුද්ගලයා බවට පත්විය. මෙහි පෙරමුණ හිමිවී ඇත්තේ පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. ඔහු වටා මිලියන 518 ක අනුගාමිකයින් සංඛ්‍යාවක් රැඳි සිටීම විශේෂත්වයකි. ඔහුට වඩා අනුගාමිකයින් සිටින හා ලොව වැඩිම අනුගාමිකයින් සහිත ඉන්ස්ටගෑම් ගිණුම වන්නේ ඉන්ස්ටග්‍රෑම්හි නිළ ගිණුම පමණි.
මේ අතර නව කඩඉමට ලගාවූ මෙසී ඉන්ස්ටග්‍රෑම්හි වැඩිම අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින දකුණු ඇමරිකානුවාද වේ. ලෝකයේ වැඩිම ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් සහිත ගිණුම් අතරින් තෙවැනි ස්ථානය හිමිවී ඇත්තේ සුප්‍රසිද්ධ ඇමරිකානු නිරූපිකා කයිලි ජෙනර් (අනුගාමිකයින් මිලියන 375)ය.
මෙවර ලෝක කුසලානයේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මෙසී අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව සම්මානයද හිමිකර ගැනීමට සමත්විය