ලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදී දක්ෂතම ක්රීඩකයා බවට පත්වූ ලොව පළමු ක්රීඩකයා බවට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්රීඩක ලයනල් මෙසී පත්විය. ඒ් මෙවර ලෝක කුසලානයේදීද එම සම්මානයට හිමිකම් කියමිනි.
මෙසී මීට පෙර 2014 වර්ෂයේ බ්රසීලයේ පැවති තරගාවලියේදීද දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තේය. කෙසේ වෙතත් එහිදී ආර්ජන්ටිනාවට හිමිවූයේ අනුශූරතාවයි.
එමෙන්ම 1986 වර්ෂයේදී ඩියාගෝ මැරඩෝනාගෙන් පසු මෙම සම්මානය හිමිකරගත් පළමු ආර්ජන්ටිනා ක්රීඩකයාද වන්නේ මෙසීය.
ඔහු මෙම තරගයේදී ආර්ජන්ටිනාව වසර 36 කට පසු ලෝක කුසලාන ජයග්රහණයක් කරා රැගෙනයාමට සමත්විය.