මෙවර ලෝක කුසලාන ඔස්ට්‍රේලියාව දිනා ගැනීමත් සමගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා මෙග් ලැනින්ග් ඉතිහාසගත වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ක්‍රිකට් ශූරතා වැඩිම සංඛ්‍යාවක් කරා යාමට නායකත්වය ගත් ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසිනි.
මෙය ඇය විසින් හිමිකරගත් 5 වැනි ලෝක කුසලානය වූ අතර එහිදී ඇය විසින් අබිබවා ගියේ ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් ය. රිකී පොන්ටින් අයි.සී.සී. ශූරතා හතරක් කරා කණ්ඩායම මෙහෙයවූ නායකයා සේ සැලකෙයි. ඒහිදී පොන්ටින් 2003 හා 2007 වර්ෂයන්හිදී ඒක්දින ලෝක කුසලාන මෙන්ම 2006 හා 2009 වර්ෂයන්හිදී අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන තරගාවලි හිදී ශූරතාව දිනා ගැනීමටද කණ්ඩායම මෙහෙයවා ඇත..
කෙසේ වෙතත් ලැනින් 2014,2018,2020 හා 2023 යන වර්ෂයන්හි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයන් මෙන්ම 2022 වර්ෂයේ ඒක්දින ලෝක කුසලානය කරාද සිය කණ්ඩායම මෙහෙයවා ඇත. මීට අමතරව ඉන්දීය නායක ඒම්.ඒස්. දෝනි අයි.සී.සී. ශූරතා 3 ක් කරා (2007- විස්සයි විස්ස, 2011 -ඒක්දින, 2013- ශූරයින්ගේ කුසලාන) කරා කණ්ඩායම මෙහෙයවා ඇත.