කුවේට් රාජ්‍යයේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ කුවේට් ක්‍රිකට් සංවර්ධන කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මුතුමුදලිගේ පුෂ්පකුමාර JAFFNA KINGS දඟපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ.
ඒ මීට පෙර JAFFNA KINGS දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ සචිත් පතිරණ 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කංඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස පත්කිරීම හේතුවෙනි.
මුතුමුදලිගේ පුෂ්පකුමාර 2019 වර්ෂයේ සිට කුවේට් රාජ්‍යයේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ කුවේට් ක්‍රිකට් සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇත.
එසේම කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති මුතුමුදලිගේ පුෂ්පකුමාර පුහුණුකරුවෙකු ලෙස වසර 09ක් කටයුතු කර ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මුතුමුදලිගේ පුෂ්පකුමාර 1999 වර්ෂයේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද තේරීපත්විය. එමෙන්ම 1998 වර්ෂයේ පැවති 17න් පහළ සිංගර් කුසලාන තරඟාවලියේ දී සහ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කුසලාන තරඟාවලියේදී වඩාත් කැපීපෙනෙන ක්‍රීඩකයා ලෙසින්ද මුතුමුදලිගේ පුෂ්පකුමාර ඇගයීමට ලක්විය.