එංගලන්තය හා පාකිස්තානය අතර දෙවැනි විස්සයි 20 තරගයේ පාකිස්තාන ක්‍රීඩකයන් පිටිය මැද ක්‍රීඩා කරමින් සිටියදී, පුහුණුකරු මිස්බා-උල්-හක් පරාජිත මානසිකත්වයෙන් ක්‍රීඩාගාරයේ රැඳී සිටි ආකාරය පාකිස්තාන හිටපු නායක ඉන්සමාම්-උල්-හක්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඔහු පවසන්නේ මිස්බාගේ ඍණාත්මක ප්‍රතික්‍රියා කණ්ඩායමේ අයහපතට බලපාන බවයි.
මැන්චෙස්ටර්හිදී පැවති (30දා) දෙවැනි විස්සයි20 තරගයෙන් එංගලන්තය කඩුලු 05ක ජයක් ලැබූවත්, ඔවුන් එම ජයග්‍රහණය සපුරා ගත්තේ පාකිස්තානය ලබාදුන් ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හඹා යමිනි.
මෙහිදී ඉන්සමාම් සිය යූ-ටියුබ් නාලිකාව හරහා පෙන්වා දෙන්නේ, එංගලන්තය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් වේගවත් ලකුණු 65ක් රැස් කරගෙන සිටියදී මිස්බා මුහුණට දෑත් තබාගෙන හිස අතගාමින් සිටිනු දක්නට ලැබුණු බවයි. මෙය ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරමින් සිටි කණ්ඩායමට ඍණාත්මක පණිවිඩයක් බව ඉන්සමාම් පවසයි.
&එංගලන්ත පිතිකරුවන් පවර් ප්ලේ පන්දුවාර (05 වැනි පන්දු වාරයේදී) සංඛ්‍යාව ක්‍රීඩා කරමින් සිටින විට ලකුණු 40-45ක් ලබා ගත්තා. නමුත් ඒ මොහොතේ කැමරාව මිස්බාට පෙන්වූ විට, ඔහු හිස මත දෑත් තබාගෙන පරාජිත මානසිකත්වයෙන් සිටියේ. ඉන් පිටියේ සිටින ක්‍රීඩකයන් තේරුම් ගත්තේ නරක දෙයක් සිදුවී ඇති බවයි” ඉන්සමාම් සිය යූ ටියුබ් නාලිකාව මගින් පෙන්වා දෙයි.
&එංගලන්තයට තව ලකුණු 155 - 160ක්ම ලබාගන්න ඉතිරිව තිබුණා. තරගයක් කියන්නේ ඕනෑම අවස්ථාවක වෙනස්කර ගැනීමට හැකියාව තිබෙන දෙයක්. නමුත් මිස්බාගේ හැසිරීමෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ තේරුම් ගත්තේ ඔවුන් වැරැද්දක් කර ඇති බවක්. තරගයෙන් අනතුරුව පරාජය ගැන සාකච්ඡා කළ හැකියි. නමුත් තරගයක් අතරතුර පුහුණුකරු මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම්, එය කණ්ඩායමට අයහපත් බලපෑමක්.
තරගය අතරතුර කුමක් සිදු වුවත්, තරගයේ තත්ත්වය නොසලකා සෑම විටම ධනාත්මක කම්පන යැවීමයි වැදගත්. අපි විස්සයි20 ලෝක ශූරයන්* යැයි ඉන්සමාම් පවසයි.
පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වූ අතර, ඔවුන් තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක ලෙස පරාජයට පත්ව ඇති අතර, මේ වනවිට විස්සයි 20 තරගාවලියේදීද එංගලන්තයට වඩා 0-1ක් පසුපසින් සිටී.
පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වන ඉන්සමාම් උල්හක් වසර 15කට (1991- 2007) වැඩි කාලයක් එරට ජාතික කණ්ඩායම නියෝජනය කළේය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 120කදී ලකුණු 8830ක් රැස්කළ අතර, පාකිස්තාන ටෙස්ට් පිතිකරුවෙකු රැස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව එය වෙයි. එමෙන්ම එක්දින තරග 378කදී ලකුණු 11739ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වී ඇති අතර, අදටත් ඔහුව අබිබවා යාමට කිසිදු පාකිස්තාන පිතිකරුවෙකුට හැකි වී නොමැත.