ජර්මානු පාපන්දු කණ්ඩායමේ ක්රීඩා කළ සුපිරි පාපන්දු ක්රීඩක මිරෝස්ලාව් ක්ලෝස් ‘ජර්මානු බයර්න් මියුනිච්’ පාපන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙසින් පත්කොට තිබේ.
මේ වනවිට ජර්මානු ‘බුන්ඩෙස්ලීගා’ පාපන්දු තරගාවලියේ පෙරමුණේ පසුවන ‘බයර්න් මියුනිච්’ කණ්ඩායම එළඹෙන ජුලි පළමු වැනිදා සිට ක්ලෝස්ගේ සේවය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඔහු මීට පෙර 2007 වර්ෂයේ සිට 2011 දක්වා බයර්න් මියුනිච් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්රීඩකයෙකු ලෙස ක්රියා කර ඇති අතර,
41 හැවිරිදි ක්ලෝස් ජර්මනියෙන් බිහි වූ සුපිරි ගනයේ පාපන්දු ක්රීඩකයෙකි.
ක්ලෝස් විසින් ජර්මනිය වෙනුවෙන් තරග 137කදී ගෝල 71ක් වාර්තා කොට ඇති අතර, ඔහු වඩාත් ප්රසිද්ධියට පත්වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිම ගෝල ලාභියා ලෙසිනි. ඒ තරගාවලි 4කදී (2002, 2006, 2010, 2014) ගෝල 16ක් වාර්තා කරමිනි.