ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී සංජු සැම්සන් පන්දුවට පහරදීමේදී ඔහු ඊළඟට කුමක් කළ හැකිදැයි යන්න පිළිබඳව කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක නිවැරදිවම අනුමාන කළේය.
තරගයේ 18 වැනි පන්දුවාරයේ සිවුවැනි පන්දුව යොමුකිරීමට පෙර පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම වෙත මිනෝද් භානුක උපදෙසක් දෙමින් සඳහන් කළේ , “දැන් පැනන් ඇවිත් අතනට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හිමිහිට.” යනුවෙනි.
ඔහු අනුමාන කළ අයුරින්ම සංජු ඉදිරියට පැමිණ පන්දුවට පහරදුන් අතර එම පහර උඩපන්දුවක් ලෙසින් ලබාගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.