ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ. පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ දැන් පවතින අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙම තීරනය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ් අනුව ඔහු දැනට පුහුනුකාරීත්වයේ සිටින ඒංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ දිගටම පුහුණුකාරීත්වයේ සිටින බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් 2016 වර්ෂයේ සිට 2019 දක්වා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ක්‍රියාකළ අතර ඒම කාළය තුළදී ඔහු පාකිස්ථානය අයි.සී.සී. ශූරයින්ගේ කුසලානයේ ජයග්‍රාහකයින් මෙන්ම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම්හි පෙරමුණෙහි රඳවා තැබීමටද සමත්විය.
අනතුරුව ඔහු 2020 වර්ෂයේ සිට 2021 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ක්‍රියා කලේය. අනතුරුව ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ක්‍රියා කළ මිකී ආතර්ට පසුගියදා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ආරාධනා ලැබුනේ ඒහි නව සභාපති නජාම් සේති පත්වීමෙන් අනතුරුවය. නමුත් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වන විට පවතින බලපෙරලිය හේතුවෙන් මිකී ආතර් මෙම ආරාධනායට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ.