ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.
අදාළ වෙන්දේසිය සඳහා ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලයක් නියම කරමින් ඉදිරිපත්ව අති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙක් ඉදිරිපත්ව ඇත.
ඉන්දීය ක්‍රිඩකයන්ද ඇතුළත්ව සමස්තයක් ලෙස ලබන වසරේදී පැවැත්වීමට නියමිත වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 1000කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.