ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එක් දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.
ක්රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විත 27 ත් දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම උදෑසන 10.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය.
වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග 19 වන ක්රීඩකයා ලෙස ,පසුව මෙම කණ්ඩායමට සම්බන්ධ වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රකාශකයෙකු පැවසීය.
ශ්රී ලංකා කණ්ඩායම දැඩි ආරක්ෂාව යටතේ උදෑසන 8.00 ට පමණ වනවිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
ටී.කේ.ජී. කපිල