LPL තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී ලසිත් මාලිංග එම තරගාවලියෙන් ඉවත් වුවත් මාලිංග ආකාරයෙන්ම පන්දු යවන නවකයෙකු මේ තරගාවලියේ දී කලඑළි බැසීමට නියමිතය.
ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක සෙබස්තියන්පිල්ලේ විජයරාජ්ය. 'කිලිනොච්චි එක්ස්ප්රස්' ලෙසින් මිතුරන් අතර ජනප්රිය විජයරාජ් කිලිනොච්චියෙන් පායන අලුත්ම තරුවයි.
තරගාවලියට පෙර පිතිකරුවන්ට පුහුණු වීම සදහා පන්දු යවන ක්රීඩකයෙකු එනම් Net bowler කෙනෙකු ලෙස කණ්ඩායමට එක් වූ ඔහුගේ දක්ෂතාවය නිසාම මේ වනවිට ප්රධාන සංචිතයට ඔහු ඇතුළත් කරගෙන තිබේ.
පැයට කි.මි. 140 ක පමණ ඇඟට දැනෙන වේගයකින් පන්දු යවන්නට හැකි ක්රීඩකයෙකු ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි විසින් විජයරාජ්ව හඳුන්වයි.
එසේම විජයරාජ් නිවැරදි එල්ලය සහිතව පන්දු යැවීමට සමත් බවත් ඔහු ඉතා හොඳ අනාගතයක් ඇති ක්රීඩකයෙකු බවද කණ්ඩම්බිගේ අදහසයි.
මේ නිසා මාලිංගේ පන්දු යැවීමේ ඉරියව්ව ඔහු නැතත් මෙවර තරගාවලියේ දී 'කිලිනොච්චි එක්ස්ප්රස්' හරහා දැක ගත හැකි වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවෙති.
මේ වීඩියෝ වල දැක්වෙන්නේ හම්බන්තොට දී ඔහු තණතිල්ලේ පන්දු යැවීමට පුහුණු වෙන ආකාරය සහ කොළඹ පැවති පුහුණු සැසියකදී පුහුණු වීම් කළ ආකාරයයි.
VIDEO