ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි20 නායක ලසිත් මාලිංග විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට නායකත්වය ලබාදීමට දසුන් ශානකට හොඳ අවස්ථාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා පවසයි.
පාකස්තානයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. දසුන් ශානකට දක්ෂතා දැක්වීමට විශාල අවශ්‍යතාවක් ඇති බවත් ඔහුට නායකත්ව ගුණාංග ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම දනුෂ්ක ගුණතිලක මෙන්ම වනිඳු හසරංග මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අනුව විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් හොඳ සංචිතයක් තෝරා ගැනීමට අවස්ථාවක් ඇති බවත් ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතා මට්ටම් තවදුරටත් ඉහළ නැංවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.