දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින ක්‍රීඩක මාක් බවුචර් එරට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු තනතුරට පත් වී ඇත. 2023 වර්ෂය දක්වා මෙම තනතුරේ ක්‍රියා කිරීමට බවුචර් ගිවිසුම්ගතවී ඇත. 43 හැවිරිදි බවුචර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 450 කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇති අත්දැකීම් බහුල පිතිකරුවෙක් වේ. මේ අතර දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ග්රැහැම් ස්මිත් එරට වැඩ බලන ක්‍රිකට් සභාපති ධුරයට පත්වී ඇත.