2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය මුදලට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය අනුව කරන පරීක්ෂණ සඳහා අද දිනයේදී මහේල ජයවර්ධනට කැඳවීමක් සිදුකර තිබුණත් අද දිනයේදී ඔහුට නොපැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය සිදුකරන අතර මහේලට දන්වා ඇත්තේ වෙනත් දිනක එම පරීක්ෂණය සිදුකරන බවයි.
මේ වන විට හිටපු තේරීම් කමිටු සභාපති අරවින්දද සිල්වා, ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග, හිටපු නායක කුමාර් සංගක්කාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.