2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටය වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙරුණු හිටපු නායක මහේල ජයවර්ධන ශ්රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු වීම් කටයුතු ආරම්භ කර තිබේ.
මහේල ජයවර්ධන සති දෙකක කාලයක් ශ්රී ලංකා කණ්ඩායම සමඟ සිටීමට නියමිතව ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර සිටියි.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන නිල පුහුණු තරග අද(12) සිට ආරම්භ වෙයි.
අද දිනයේ දී ශ්රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.
එම තරගය අබුඩාබිහි Tolerance Oval ක්රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.