මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය නිරෝධායනය මාලදිවයිනේදී සම්පූර්ණ කිරීමට නියමිත බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පවසයි.
ඊට අමතරව එම කණ්ඩායමේ සිටින ඔස්ට්‍රේලියා මහාද්වීපයට අයත් ක්‍රීඩකයන්ද මාලදිවයිනේ නිරෝධායනය වීමට නියමිතව තිබේ.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කිරීම හේතුවෙන් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් නැවතත් සිය මව්රටවල් බලා පිටත්ව යාමට නියමිතය.
අවසන් දින 14 තුළ ඉන්දියාවේ සිටි අයට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් හෙයින් මෙසේ මහේල මාලදිවයිනේ සිය නිරෝධායන කටයුතු නිමකර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එසේම ඔස්ට්‍රේලියාවද ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට තහනමක් පනවා ඇති හෙයින් ඔස්ට්‍රේලියානු මහාද්වීපයේ ක්‍රීඩකයන්ද මාලදිවයිනේ නිරෝධායනය නිමකර සිය රට බලා පිටත්වයාමට නියමිතය.
ඔවුන්ව විශේෂ ගුවන් යානයක් මගින් මාලදිවයිට ගෙන ඒමට නියමිතය.