ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව අද (26දා) නිල වශයෙන් දන්වා සිටියේය.
මහේල 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම තනතුරෙහි වැඩ භාරගත් අතර ඔහුගේ ධුරය 2022 වර්ෂයේ ජනවාරි මස සිට ක්‍රියාත්මක විය.
මහේල පසුගිය 2023 වර්ෂයේ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කණ්ඩායම සමග සිටියේය. කෙසේ වෙතත් ඒම තරගාවලියේදීද ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය නිසා මහේලගේ තනතුර සම්බන්ධයෙන් යම් දෝෂාරොපණයක් එල්ලවිය. අනතුරුව ශ්‍රී ලංකා තවත් සුපිරි ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය 2023 වර්ෂයේදි කණ්ඩායමේ තවත් උපදේශකයෙකු ලෙස පත්විය.
මහේල විසින් සිදුකළ කාර්යභාරය පිලිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ඔහු කණ්ඩායමේ පරිසරයේ හා ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ සැලකිය යුතු වෙනස්කම් කිරීමට දායක වූ බවයි.