නෙදර්ලන්තය සමග මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසා සිටියි.
කෙසේ නමුත් ආබාධය හේතුවෙන් ඔහුව බංග්ලාදේශයට එරෙහිව ලබන 24 වනදා පැවැත්වෙන තරගයෙන් විවේක ගැන්වීමට ඉඩ ඇති බව ද භානුක සඳහන් කර සිටියි.
නමුත් ඉන් අනතුරුව පැවැත්වෙන තරග සදහා ගැටලුවකින් තොරව මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කළ හැකි වනු ඇති බවට ඔහු සදහන් කර සිටියි.