ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විට සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසා සිටියි.
හෙට (28) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටින බවයි අද(27) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කර සිටියේය.
නෙදර්ලන්තය සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයට එක් වීමට නොහැකි විය.