ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ලෝක කුසලාන තරගය සඳහා ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මහීෂ්ගේ දකුණු පාදයේ හටගත් වේදනාවක් අනුව ඔහු එම්.ආර්.අයි. පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදි ඔහුට ආබාධයක් නොමැති බව තහවුරු වී තිබේ.
මේ අනුව ඊයේ දිනයේදි ශ්රී ලංකා කණ්ඩායම සිදුකළ පුහුණුවීම් සඳහාද මහීෂ් සහභාගී වී තිබේ.